Like
Like Love Haha Wow Sad Angry

විවාහය කියන්නේ ආදරය කරන කාලේ වගේ නෙමෙයි.ඒ කාලෙටත් වඩා ගොඩක් සංකීර්ණ කාලයක්.ඇයි දන්නවද මම එහෙම කිව්වේ.ඔයාට Marry කළාට පස්සේ ගොඩක් වඟකිම් පැටවෙන්නේ ඔයාගේ පිට නිසා.husband ගේ වැඩ ,පවුලේ අනිත් අයගේ වැඩ, උයන්න, පිහන්න, අස්පස් කරන හැම වැඩක්ම කරන්න වෙන්නේ ඔයාට.ඔයා බිරිඳක් වගේම කාලයක් යනකොට මවක් වෙනවා.එතකොට දරුවන්ගේ වැඩත් කරන්න තියෙන්නේ ඔයාට.සමහරවිට ඕනිවටත් වඩා වැඩ වැඩි වෙනකොට ඔයාට එපා වෙයි.හැබැයි එහෙම වෙන්න බැහැ.ඔයාට සමහරවිට හිතෙනවා ඇති කොච්චර කලත් වැඩක් නැහැ.මම තමයි මේ ලෝකේ ඉන්න නරකම බිරිඳ කියලා.ඇත්තටම ඔයා මේ වෙනකොටත් හොඳ බිරිඳක් වෙලා ඉවරයි.ඒත් මම ඔයාට කියලා දෙන්නම් තවත් tricks ටිකක් හොඳම බිරිඳ වෙන්න.

01) මුලින්ම ඔබව සොයාගන්න

ගොඩක් වෙලාවට අම්මා කෙනෙක් එහෙමත් නැත්නම් බිරිඳක් වුණාම තමන් ගැන හිතනවා අඩුයිනේ.අඩුයි කියන්නේ හිතන්නෙම නැහැනේ.මොකද ඔයා හිතන්නේ husband ගැන එහෙමත් නැත්නම් පවුලේ අම්මා තාත්තා ගැන.හැබැයි අදින් පස්සේ වෙන්න ඕනි 1st place එක ඔයා ඔයාටම ලබා දෙන එක.මොකද ඔයා මත අනෙක් අයගේ සතුට රැදිලා තිබුනට ඔයාගේ සතුට රැඳිලා තියෙන්නේ ඔයා අතේමයි.ඔයා කියන්නේ වෙනම කෙනෙක් නිසා ඔයාටම කියලා life එක තියෙනවා.

02) කැමතිම දේවල කළොත්?

අපි හිතමු film එකක් යනවා.husband ඒක ආසවෙන් බලාගෙන ඉන්නවා.හැබැයි ඔයා ඒ film එකටවත්, actress කෙනෙක්ටවත් කැමති නැහැ.ඒ වුණාට husband වෙනුවෙන් husband එක්කම් film එක ඉවර වෙනකන්ම බලාගෙන ඉන්නවා.අන්න ඒ විදිහට ඔයාට පුළුවන් හොඳම බිරිද වෙන්න.ඒ විතරක් නෙමෙයි එයා කැමතිම කෑම වර්ගයක් හදලා දීලා එයාව සතුටු කරන්නත් ඔයාට පුළුවන්.ඒ වගේ පුංචි දේවල් කරනකොට හොඳම බිරිඳ වෙනවා විතරක් නෙමෙයි එයාගේ ආදරෙත් වෙනදට වඩා වැඩියෙන් ලබා ගන්නත් ඔයාට පුළුවන්.

03) සැමියාගේ සාර්ථකත්වයට ඔයාගේ උපරිමය දෙන්න

සැමියා කියන්නේ ගෙදර හැම දෙයකම මුල්තැන අරගෙන කරන කෙනා.ඒ කියන්නේ ගෙදර ප්‍රධානියා තමයි ඔයාගේ husband.ඉතින් එයාගේ රැකියාවෙන් උසස්වීමක් ලැබෙනවා කියන්නේ ගෙදර අයට ගොඩක් සතුටු හිතෙන කාරණාවක්.එයාගේ වැඩ වලට උදව් කරන්න පුළුවන් හැම වෙලාවකම ඒ සඳහා ඔයාගේ උදව්ව ලබා දෙන්න.සමහරවිට ඔයාට බැරි වෙයි එයාගේ වැඩ වලට උදව් කරන්න.එහෙම වෙලාවට ඔයා කරන්න පුළුවන් එයාගේ ඇඳුම් iron කරලා දෙන්න.කෑම එක පිළිවෙලකට pack කරලා දෙන්න,ඒ වගේ පුංචිම දෙයකින් වුනත් ඔයාට පුළුවන් එයාට උදව් කරලා හොඳම බිරිඳ වෙන්න.ඒ වෙනුවෙන් ඔයාගේ උපරිමය ලබා දෙන්න උත්සහ කරන්න

04) සන්නිවේදනය හිතනවට වඩා වැදගත්

ඕනෑම affair එකක වැදගත්ම දේ වෙන්නේ සන්නිවේදනය.සන්නිවේදනය කරනකොට ඒක හොඳ වගේම නරක වෙන්න පුළුවන්.අනිත් කාරණාවා තමයි communication නිසා සම්බන්ධතාවයක් ඇති වෙන්න හෝ නැති වෙන්නත් පුළුවන්.මොකද සම්බන්ධතාවයක් ඇති වෙන්නත් හේතුව මේ communication එකම තමයි.ඉතින් මේ communication එක විවෘත වගේම අවංක වෙන්න ඕනි.ඔයාගෙයි එයාගෙයි බැඳීම strong කරන්න මේ සන්නිවේදනයට පුළුවන්.එයාගේ වැඩත් එක්ක ඔයාට කතා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් dinner එක ගන්නකොට ඒ වෙලාවට එයත් එක්ක කතා කරන්න.දවස ගැන කතා කරන්න,ඒ වගේම ආදරේ කරන බවත් කියන්න අමතක කරන්න එපා.

05) කාලය ගත කරන්න

Always එයා කරන්නේ වැඩ වෙන්න පුළුවන්.හැබැයි ඔයාට පුළුවන් එයාව වැඩ වලින් පොඩ්ඩක් නිදහස් කරන්න weekend එක එයත් එක්ක එලියට යන්න, එහෙමත් නැත්නම් trip එකක් ගිහින් එන්න එහෙමත් නැත්නම් අඩුම තරමේ dinner out එකක්වත් යන්න try කරන්න.ඒ විදිහට එයාගේ හිත සැහැල්ලු කරන්න පුළුවන් ඔයාට විතරයි.ඉතින් ඔයා එයා ගැන හිතනවා කියලා එයාට එතකොට දැනෙයි.

ඉතින් අද ඉදන් ඔයා තමයි හොඳම බිරිඳ.ඔයාට ලොකු ලොකු දේවල් කරන්න ඕනී වෙන්නේ නැහැ.ඔයා සාමාන්යයෙන් කරන දේවල් ටික කරගෙන යන්න.ඒ දේවල් වලට අමතරව මේ දේවල් ටික කරලා බලන්න.ඔයා අමුතුවෙන් හොඳ wife කෙනෙක් වෙන්න ඕනී නැහැ.ඔයා කොහොමත් හොඳ wife කෙනෙක් තමයි දැනටමත්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here