Like
Like Love Haha Wow Sad Angry
1

සල්ලි එහා මෙහා කරන්න කෙල්ලෝ කොහොමත් දක්ෂයිනේ.ඒත් ණය වුණාම ? ඒකත් ප්‍රශ්නයක්.හතරවටේට ණයවෙලා දැන් කරගන්න දෙයක් නැතුව නේද ඔයා ඉන්නේ? මට තේරෙනවා ඔයා ණය නිසා ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ කියලා.හිතේ ණය ප්‍රශ්න තියාගෙන වෙන කිසිම දේකට ඔයාට හිත යොමු කරන්නත් බැහැනේ.දවසින් දවස යනකොට,ණයෙන් කොටසක් හරි ඔයාට ගෙවාගන්න විදිහක් නැතිව යනකොට ,පොළිය එකතු වෙලා ණය දවසින් දවස ගොඩ ගැහෙන එක ඔයාට ඇත්තටම හිසරදයක් කියල මම දන්නවා.ඔන්න අද ඉදන් ඔයාට ඒ ගැන හිතන්න දෙයක් නැහැ.මම කියලා දෙන්නන් ඔයාගේ ණය ප්‍රශ්නෙන් ගොඩයන tricks ටිකක්.

01) නූලට ගණන් හදලා අනවශ්‍ය වියදම් කපමු .

ණය ගැන හිතන්න කලින් ඔයා මුලින්ම ඔයාගේ මාසික ආදායම ගැනයි වියදම් ගැනයි හරියටම බලන්න ඕනි.ණය ගෙවන්න කලින් අතේ ඉතිරියක් තියෙන්න ඕනිනේ.ඒ නිසා ඔයා ගන්න පොඩිම පොඩි දේ ඉදන්ම ඉතුරු කරගෙන monthly ඔයාට යන වියදම ගැන ඔයා හරියට ගාන හදාගන්න. ඊට පස්සෙ ඔයාට කරන්න තියෙන්නෙ මේ වියදම් වලින් කපා හරින්න පුළුවන් හැම අනවශ්‍ය වියදමක්ම කපලා දාන එක.ඒක නම් ටිකක් try කරලා කරන්න ඕනි වැඩක්.අද ඉඳන්ම ඕනි නැති වියදම් ඔක්කොම කපල දානවා කියල තරයේ අධිෂ්ඨාන කරගන්න එක හොදයි.මේක ඉතින් ඔයා විතරක් කලාට මදි.Family එකේ අනිත් අයගෙ help එකත් ඕනි මේ වැඩේට.එයාලගෙනුත් අහලා list එක හදාගන්න.

02) ණය කොච්චරද කියලත් බලමු.

ඔන්න ඔයා දැන් කරන්න ඕනි ඔයා කාටද ණය වෙලා තියෙන්නේ කියලා.හරියට හොයලා බලන එක.ඔයාට තියෙන්නේ බැංකු ණයක් වෙන්න පුළුවන්,credit card ණයක් වෙන්න පුළුවන්,එහෙම නැත්තන් වෙන කෙනෙක්ගෙන් ගත්ත ණය මුදලක් වෙන්නත් පුළුවන්.අන්න ඒ ණය ගානයි ඒකෙ පොලී අනුපාතයයි ඔයා මැන ගන්න.ඔයා දැන් බලන්න ඒ ණය වුණේ මොනවටද කියලා.ඒ ටිකත් මතක් කරන ගමන් බලන්න අර මම ඉස්සෙල්ලා කියපු අනවශ්‍ය වියදම් වලට ඔයා කොච්චර වියදම් කරලද කියලා.එතකොට ඔයාට ඉස්සරහදි මේ හැමදේම ගැන හිතලා ඔයාගේ ළඟ තියන මුදල් ටික maintain කරගන්න පුළුවන්.

03) දැන් ණය ගෙවන්න ලෑස්ති වෙමු.

ණයකින් ගොඩ එන්න බැහැ කියලා කලින්ම හිත හදාගන්න හුඟක් අය කරන්නේ Monthly ණයේ පොළිය ගෙව ගෙව ඉන්න එක.ඔයත් එහෙමද? ඒ වැඩේ නිසා ණය පියවෙන එක කල් යනවා වගේම ණය පියෙවුවත් අන්තිමට ගත්ත ණයට හරියන්න සෑහෙන ගානක් ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා.අන්න ඒක නිසා පුළුවන් හැම වෙලේම මාසික පොලී මුදලට අමතරව ණයෙන් කැපිල යන්න පොඩි මුදලකුත් ගෙවන එක වැදගත්.මාසේ වියදම් කපා ගන්න එකෙන් ගානක් අතේ ඉතිරි කරගන්න හම්බ වුණොත් ,අමතර ගානක් අතට එන වැඩක් හම්බ වුණොත් ,ඒ වගේ ගානක් මේ ණයෙන් කොටසක් ගෙවන්න ඔයාට වියදම් කරන්න පුළුවන්.

ඔයා තැන් ගොඩකට ණය වෙලා තියනවා නම් ණය ගෙවන්න පුලුවන් ක්‍රම දෙකකින් එකක් ඔයාට තෝරගන්න වෙනවා.එකක් තමයි වැඩිම පොලියක් තියෙන ණය මුලින්ම ගෙවලා ඉවර කරන එක.ඊට පස්සෙ ඊළඟට වැඩිම පොලිය තියන ණය ගෙවන්න පුළුවන් .

අනිත් System එක තමයි අඩුම ණය මුදලේ ඉඳන් පිළිවෙලට ණය ගෙවන් යන එක.මේ ක්‍රම දෙකෙන් ඔයාට ගොඩාක් ගැලපෙනවා කියලා හිතන ක්‍රමය තෝරගන්න ඔයාට පුළුවන්.මේ මොන විදිහට payment කලත් ඒ හැම එකක් ගැනම ගණන් මිනුම් list එකක් හදාගන්න අමතක කරන්න එපා.ගණන් හදන්න easy නිසා විතරක් නෙමෙයි, step by step ණය ගෙවීගෙන යනවා දකිද්දි ඒකෙන් ඔයාගෙ හිතට නිදහසක් දැනෙයි. අනික Motivation එකකුත් ඇති වෙයි. මේ ණය ප්‍රශ්න ඉක්මනින්ම ඉවරකරගන්න.

04) ණය හිමියන් එක්කත් කතා කරලා බලමු

ඔයාට තියෙන්නෙ බැංකු ණයක් හෝ credit card ණයක් හරි , වෙන පුද්ගලයෙක්ගෙන් ගත්ත ණයක්හරි නම් අදාල bank එක හරි ,කෙනා එක්ක හරි පොඩි සාකච්ඡාවක නිරත වෙලා ණය ගෙවන විදියේ පොඩි සහනයක් ගන්න පුළුවන්ද කියලත් බලන්න.පහසු ගෙවීමේ කාලයක් හරි පොලී සහනයක් හරි ගන්න පුලුවන්නම් ඒකත් වාසියක්නෙ.හැබැයි ඉතින් එහෙම කරගෙන ඇවිත් සහනයක් ලැබුණොත් ඔයාගේ ඉදිරි ගෙවීම් කටයුතු හරි විදියට කරන්නත් මතක තියාගන්න.ඒ වගේම තව සමහර bank වල තියෙනවා අඩු පොලී credit card වර්ග.ඒ වගේ එකකින් ඔයාට පුළුවන් දැනට තියන වැඩි පොළියක් ගෙවන credit card ණය ගෙවලා අඩු පොලියක් යටතේ ඒ අයට නැවත ඒ මුදල ගෙවන්න.පොලිය වගේම අවදානම අඩු වෙනත් බැංකු ණයක් අරගෙන අදාල ණය ගෙවන්න පුළුවන් නම් ඒකත් හොඳ trick එකක්.

05) ගෙදර මොනවහරි විකුණමුද?

දැන් ඔය අපි ගාව තියනවනෙ සල්ලි වලින් අඩු පාඩුවක් නැහැයි කියලා හිතන් හිටපු කාලවලදී ගත්ත හැබැයි ඔයාට ඒ තරම් වැදගත් කමක් නැති භාණ්ඩ.එක එක විසිතුරු බඩු, අනවශ්‍ය ගෘහ භාණ්ඩ එහෙම.අන්න ඒ වගේ භාණ්ඩයක් දෙකක් මුදල් බවට හරවගත්තට කමක් නැහැ ඔයාට මේ වගේ අමාරු කාලයකදි.හැබැයි ඉතින් ඒවා කෙලින්ම ණය ගෙවන්න තමයි use කරන්න ඕනි.ගෙදර අමතර කාමරයක් තියනවනම් ඒක කුලියට දෙන එක, වත්තෙ මොනවා හරි වගා කරන එක, වාහනයක් තියනවනම් හයර් දුවන එක වගේ දේකට යොමු වෙන්න බලන්න.ඒවා ඔයාට කරන්න පුළුවන් දේවල්.

06) Plan එකකට වැඩ කරන්න.

ගත්තු loan එහෙම ගෙවනකන් වියදම් අඩු කරගන්න.වැඩි ඉතිරියක් තියන plan එකකට ජීවිතේ ගෙනියන්න මතක තියාගන්න.කඩ කෑමෙන්, කඩෙන් බොන තේ එකෙන් ඉඳලා වෙනස් කරගන්න පටන් අරගෙන මේ plan එක ගෙනියන්න.හැම වෙලේම තමන්ට වියදම් කරන්න පුලුවන් budget එකට අඩුවෙන් වියදම් කරන්න බලන්න.ඔයා card වලින් කරන payment පුළුවන් තරම් අඩු කරලා cash වලින්ම ගෙවීම් කරන්න පුරුදු වෙන්න.ඒක ඔයාගෙ වියදම් අඩු කරන්න help එකක් වෙයි.ඒ වගේම ගෙදරට ඕනි කරන දේවල් ගන්නකොට මුදල් නාස්ති වෙන්නැති වෙන්න වග බලාගන්න.

මම මේ කියා දුන්න tricks ටික ඔයා කරලා බලන්නකෝ.හිතේ තියන ඔය කරදරකාර ණය ප්‍රශ්න ඔක්කොම ඉක්මනින්ම ඉවරවෙලා යයි.ඒ විතරක් නෙමෙයි අයෙත් ණයක් ගන්න කලින් ඔයා අනිවාර්යෙන් දෙපාරක් හිතයි.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here