Like
Like Love Haha Wow Sad Angry

හිතෙන්නේ නැද්ද noodles වල රස වෙනස් වුණොත් හොඳයි කියලා.මොකද හැමදාම කන්නේ එකම විදිහටනේ. අපි දන්නවා ලොකු පොඩි ඕනෙම කෙනෙක් කන්න කැමති කෑමක් තමයි noodles කියන්නේ. noodles එක එක රසට restaurant වල තිබුණට ගෙදරදී කන්නේ එකම විදිහටනේ. ඉතින් ඔන්න hello ladies අපි හිතුවා ඔයාලට වෙනස් රැසකට noodles හදන විදිහ ගැන කියලා දෙන්න ඕනේ කියලා. අද අපි හදන්න ලෑස්ති වෙන්නේ කොරියන් රාමෙන් නූඩ්ල්ස්. ම්… කියනකොට කටට කෙල ඉනුවා නේද? එහෙනම් දැන් අපි කොරියන් රාමෙන් නූඩ්ල්ස් එක හදලා රහ බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • රාමෙන් නූඩ්ල්ස්
  • කුඩාවට කපාගත් ළූණුකොළ
  • කුඩාවට කපාගත් සුදුළූණු
  • තෙල්
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • කෑලිමිරිස් තේ හැඳි 02
  • ගෝවා කොළ
  • සෝයා සෝස් මේස හැඳි 02
  • Chicken Stock කෝප්ප 04
  • භාගෙට තම්බාගත් බිත්තර 01
  • Chile oil

සාදාගන්නා ආකාරය

  • පෑන් එකට තෙල් දාලා ඒකට ළූණුකොළ, සුදුළූණු සහ කෑලිමිරිස් දාලා හොඳට මිශ්‍ර කරගන්න
  • ඊටපස්සේ ගෝවා කොළ ටික තත්පර 30ක් විතර තම්බා ගන්න
  • ගෝවා කොළ ටික ඉවත් කරගෙන ඒ වතුරටම noodles දාලා තැම්බෙන්න දෙන්න
  • භාජනයකට චිලී ඔයිල් මේස හැඳි 1ක් සහ සෝයා සෝස් මේස හැඳි 1ක් දාගන්න
  • ඊටපස්සේ ඒකට රත් කරගත් Chicken Stock දාල noodles දාගන්න
  • දැන් ගෝවා කොළ ටික තියාගෙන,
  • ඊටපස්සේ fry කරගත් ළූණු කොළ සහ තම්බාගත් බිත්තරය කපා noodles එකෙන් තියන්න

දැන් බලන්නකෝ රස කොහොමද කියලා. වෙනදට කන noodles එක වෙනුවට දැන් ඔයාට මේ රසම රස කොරියන් රාමෙන් නූඩ්ල්ස් එක හදල රස බලන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here