කැරට් කියන්නේ පොඩ්ඩෝ වගේම වැඩිහිටි අයත් කන්න කැමති රස කෑමක්. කැරට් වලින් පුළුවන් ව්‍යංජන හදන්න, සම්බෝල හදන්න, පුඩින් හදන්න. ඒ වගේම ජුස් හදන්නත් පුළුවන්. ඉතින් අද ඒ එකක් ගැනවත් නෙමෙයි කියලා දෙන්න හදන්නේ. අද Hello Ladies අපි කියන්න යන්නේ බිත්තර සහ කැරට් වලින් අපිට හදාගන්න පුළුවන් රසම රස Salad එකක් ගැන
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 4
- තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/4
- තම්බාගත් කැරට් අල 2
- ලෙමන් යුෂ මේස හැඳි 1
- කුඩාවට කපාගත් පාස්ලි ස්වල්පයක්
- පාමසාන් චීස් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය
- තම්බා ගත් බිත්තර හතරට කපාගෙන භාජනයකට දමාගන්න.
- ඊටපස්සේ කෑලි කපාගත් කැරට්, ග්‍රීන්පීස් සහ ලෙමන් යුෂ, බිත්තර දමාගත් භාජනයට එකතු කරගන්න .
- දැන් පාමසාන් චීස් සහ කුඩාවට කපාගත් පාස්ලි භාජනයට එක් කර හොඳින් Mix කරගන්න.
ඔන්න ඉතින් අපි Salad එක හදලා ඉවරයි. ඊළඟ වැඩේ තමයි රස බලන එක. බලන්නකෝ රස කොහොමද කියලා. මේ salad එක හදන එක simple නේද? ඒ වගේම මේක හරිම ගුණයි. ඒ නිසා මේ salad එකේ රස බලන්න අමතක කරන්න එපා.



