Like
Like Love Haha Wow Sad Angry
1

motivation කියන්නේ ගොඩක් අයගේ සාර්ථකත්වයේ secret එක.සාර්ථකත්වයට යන්න නම් අනිවාර්යයෙන් motivation එකක් තියෙන්න ඕනී.නැත්නම් ඈලි මෑළි වෙලා ,එපා වෙලා ඉන්නකොට කිසිම වැඩක් හරියට කර ගන්න හම්බ වෙන්නේ නැහැ.අනිත් එක තමයි ඔයාට හරි වෙලාවට අදාළ වැඩේ කර ගන්න හම්බ වෙන්නේත් නැහැ.සමහර වෙලාවට office එකේ වැඩ වුනත් ඔයා කරන්නේ එපා වෙලා වෙන්න පුළුවන්.maybe ඔයා හිතනවා ඇති මට මේ වැඩේ කරන්න බැහැ.මට වඩා අරයට පුළුවන් ,ඒ නිසා මේක මට හරියන වැඩක් නෙමෙයි කියලා.ඔයාට ඒ වගේ සිතුවිල්ලක් ආවේ ඔයා ළඟ motivation එකක් නැති නිසා.ඉතින් ඒ නිසා මම අද ඔයාට කියලා දෙන්නම් job එක ආසාවෙන් කරගෙන යන්න motivation එක හදා ගන්නේ කොහොමද කියලා

01) Aim එක තමයි වැදගත්ම

මතකද ඔයාට පොඩිකාලේ හීනයක් තිබ්බා Doctor කෙනෙක් වෙන්න,Teacher කෙනෙක් වෙන්න ,එහෙමත් නැත්නම් engineer කෙනෙක් වෙන්න.ඔයාට මතකද ඒ හීන වෙනස් වුන හැටි.එතකොට ඒවා පැහැදිලි aim නෙමෙයි.පොඩි කාලේ නම් හැමෝටම එක එක හීන තියෙනවනේ.ජීවිතේට අනිවාර්යයෙන් හීනයක් තියෙනනම ඕනී.ඔයාට Aim එකක් නැත්තන් අන්න ඒක ප්‍රශ්නයක් .හැබැයි දැන් නම් කඩා වැටෙන හීන තියා ගන්න එපා.දැන් ඔයා හිතන්න ඕනී කොහොම හරි මේ වැඩේ හරියට ඉක්මනට ඉවර කරනවා ,ඊලග promotion එකට කොහොමද ලෑස්තී වෙන්නේ වගේ target තියා ගන්න.හැබැයි එක ඉලක්කයක් සාර්ථක වුනාට පස්සේ එතනින් නවතින්න එපා.අනිවාර්යයෙන් තව ඉලක්ක තියා ගන්න.එතකොට වැඩ කරන්න හිතෙනවා විතරක් නෙමෙයි දන්නෙම නැතුව motivation එකත් හැදිලා.

02) සංසන්දනය කරන්න නම් එපා

Compare කරනවා කියන්නේ නිකන්ම ඔයාගේ motivation down තමයි.ඒ හින්දා කවදාවත් තමන්ව අනික් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා. compare කළා කියලා වැඩක් වෙන්නෙත් නැහැ.ඔයා තනි කෙනෙක් නිසා ඇයි ඔයාට තව අය.ටිකක් නිදහසේ තනියෙන් ඔයා ඔයා ගැනම විතරක් හිතලා බලන්න.එතකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ගොඩක් වෙලාවට ඔයා ඔයාව අනික් අයත් එක්ක සංසන්දනය කරන්නේ පොඩි පොඩි දේවල් වලින්නේ එක්කෝ ඇදුමකින්.එහෙමත් නැත්නම් skin tone එකෙන් වගේ පොඩි පොඩි දේවල් වලින්.ඒ දේවල් බලලා අනික් අය අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා ඔයා තීරණය කරනවා.ඒකම ඇති ඔයාට ඔයාගේ වැඩ ටික එපා කරගන්න.ඒත් කවදාවත් හිතන්නේ නැහැ අපිට වේගෙන් අපේ ඉලක්ක වලට යන්න පුළුවන් කියලා.ඔන්න ඔයා අදින් පස්සේ අනිත් අය එක්ක ඔයාව compare කරන එක නවත්තන්න.

03) වැටෙන්න බය වෙන්න එපා

හැමෝම ඕනෑම දෙයක් කරන්නේ result එකක් බලාපොරොත්තුවෙන්.අපි මහන්සියෙන් වැඩ කරනවා.හැබැයි ඔන්න අපි හිතන විදියට අපිට result එකක් ලැබුනේ නැති වුණාම ඔයාගේ motivation එක ඉවරයි.”මං කොච්චර මහන්සි වුණාද, ඔක්කොම ඉවරයි ආයේ නම් කිසි දෙයක් කරන්නේ නැහැ.මම තව මහන්සි වුණත් ඔච්චර තමයි”.හැබැයි ඒ විදිහට වැටෙන්න බය කෙනෙක්ට කවදාවත් දියුණු වෙන්න,ඉස්සරහට යන්න බැහැ.ඒ ඇයි දන්නවද ,වැටෙන්න ඕනී නැගිටින්න,වැටි වැටී වුනත් නැගිටින්න ශක්තියක් තියෙන කෙනෙක්ට තමයි ඉස්සරහටම යන්න පුළුවන්.ඉතින් ඔයාට පුළුවන් ඒක තේරුම් අරගෙන ඉස්සරහටම යන්න.වැටුනා කිය කිය දුක් වෙන්නේ නැතුව හොඳ motivation එකකින් වැඩ කරන්න.

04) හැමෝටම Motivation තියෙනවද ?

හැමෝටම Motivation කියන එක නැහැ.ඉතින් ඒ වගේ අයට පුළුවන් ඔයාගේ Motivation එක නැති කරලා ඔයාව වට්ටන්න.මොකද හැමෝම සුබවාධිව හිතන්නේ නැති නිසා.හැමවෙලාවෙම නැහැ, බැහැ කියන අයත් එක්ක ඉන්නකොට ඒ ඍණාත්මක දේවල් ඔයාගේ හිතටත් නොදැනීම එනවා.ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාගේ සමහර යාලුවෝ නිසා සමහර දේවල් ඔයාගෙන් ඈත් වුණා නේද කියලා.ඒ නිසා ඔයගේ හොඳම යාළුවා වුණත් එයාට හොඳ Motivation එකක් නැත්නම් එයාව අතේ දුරින් තියා ගන්න එක හොඳයි.

05) අවට තියෙන දේවල් ගැනත් හිතන්න

ජිවිතේ විතරක් නෙමෙයි ඔයා අවට තියෙන දේවල් අවුල් නම් ඔයාගේ ඉලක්ක වලට යන්න බාදා කරනවා.ඒ කියන්නේ ඔයාට හොඳ Motivation එකකින් වැඩ කරන්න, ඉස්සරහට යන්න තියෙන උද්යෝගය , ධෛර්යය, උනන්දුව තියාගන්න නම් බාහිර දේවල් අවශ්‍ය වෙනවා.ඒකට ඔයාට ලොකු ලොකු දේවල් කරන්න ඕනි වෙන්නේ නැහැ.health එක,මානසික සෞඛ්‍ය හොඳින් තියෙන්න ඕන, අපේ ඇඳුම් පැළඳුම් නිසි පිළිවෙලට තියෙන්න ඕන.ඒ විතරක් නෙමෙයි අපි වැඩ කරන තැනත් ලස්සනට පිළිවෙලට තියා ගන්න ඕනි.

මේ දේවල් අපේ වැඩ කරන උනන්දුවට, උද්යෝගයට බලපාන්නේ කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්.ඒත් ඇත්තටම නම් අපේ උනන්දුව, උද්යෝගය උපරිමයෙන් පවතින්න නම් මේ දේවල් හොඳ මට්ටමක තියෙන එක බලපානවා.ඉතින් දැන් තේරෙනවනේ Motivation නැතුව කිසිම දෙයක් කරන්න බැහැ කියලා.මොකද හොඳ Motivation එකක් නැත්නම් ජිවිතේ ඉස්සරහට යන එක හරිම දුෂ්කරයි.එහෙම වුණොත් වෙන්නේ හැමදාම එකම තැන පල් වෙන්න.ඒ නිසා ඔයා හැමවෙලාවෙම ජීවිතේට ඉලක්කයක් තියා ගන්න.ඒ ඉලක්ක සාර්ථක වෙනකන් ඒ ගමන අත අරින්න එපා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here