ඔයාට ඕනේ ලස්සන පැහැපත් සමක්ද? මේ දවස් වල ඒ වෙනුවෙන් නිෂ්පාදන නම් වැහි වැහැලා.Cream වර්ග, Capsule වර්ග, Injection වර්ග අද ගොඩක් ජනප්‍රියයි. සමහරු පැහැපත් වෙන්න තෝරාගෙන තියෙන්නේ බ්ලිචින් සහිත Cream වර්ග. දින දෙක තුනෙන් ලස්සන වෙන්න පුළුවන් කියලා හිතලා පාවිච්චි බ්ලිචින් සහිත නිෂ්පාදන ඔයාගේ සම ඔයාටත් නොදැනීම Damage කරනවා කියලා ඔයා දන්නවද? ඒ තරමට ඒවා භයානකයි. ඒවා වල අන්තර්ගත කරලා තියෙන්නේ රසදිය වගේම විෂ රසායනික ද්‍රව්‍ය ඔයාව පිළිකා රෝගියෙක් බවට පත් කරාවි.
ඉතින් අපිට ලස්සන වෙන්න, පැහැපත් වෙන්න ඇත්තටම විශ්වසනීය හොඳ ක්‍රමයක් නැද්ද? ඉතින් මේ දවස් වල ගොඩක් දෙනා පැහැපත් වෙන්න විශ්වසනීය ක්‍රමයක් කියලා කතා වෙන ග්ලුටතයෝන් ගැන Hello Ladies අපි හොය හිතුවා.
මොනවද මේ ග්ලුටතයෝන් කියන්නේ.?
ග්ලුටතයෝන් කියන්නේ අපේ ශරීරයෙන්ම නිපදවන ස්වභාවික ප්‍රතිඔක්සිකරකයක්. එය ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් හඳුන්වනවා.
ග්ලුටතයෝන් අපේ සිරුරට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි?

- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා
- විවිධ ප්‍රදාහ තත්ව වළකනවා
- සම වියපත්වීම පාලනය කරනවා
- සම පැහැපත් කරනවා
- කළු ලප ඉවත් කර අවපැහැය නැති කරනවා
- පිළිකා සහ හෘද රෝග ඇතිවීම වළක්වනවා
- මස් පිඬු ක්ෂය වීම වළක්වනවා
- කල්පනාව අඩු වීම නැති කරනවා
සම ලස්සන කරන්න, සමේ වියපත් බව අඩු කරන්න, ලප කැළැල් නැති කර පැහැපත් කරන්න ග්ලුටතයෝන් ලොකු සහනයක් වන බව පැහැදිලියි.
ග්ලුටතයෝන් වලින් සම පැහැපත් වෙන්නේ කොහොමද?

ග්ලුටතයෝන් මඟින් අපේ සමේ තද පැහැයට හේතු වෙන මෙලනින් කියන වර්ණකය නිපදවීම,අපිට අහිතකර නොවන විදිහට පාලනය කරනවා. ඒ නිසා පැහැපත් බවත් අපේ සමට ලැබෙනවා. මේ විදිහට ග්ලුටතයෝන් මඟින් පැහැපත් වීම අපේ සිරුරට අහිතකර වන්නේ නැති බව පර්යේෂණ වලිනුත් පේනවා දී තිබෙනවා
ඉතින් මේ ග්ලුටතයෝන් අපේ සිරුරට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයකුත් තියෙනවා. එන්නත් මඟින්, පෙති හෝ කැප්සියුල් ලෙස හා ආලේපනයන් ලෙස අපිට ග්ලුටතයෝන් සිරුරට ලබාගන්න පුළුවන්.
නමුත් එන්නත්කරණය තුලින් සිරුරට ග්ලුටතයෝන් ගැනීම ගැන විවිධ මත පවතිනවා. අධික මාත්‍රාවක් එකවර ගැනීම නිසා වගේම නිවැරදි තාක්ෂණික දැනුමෙන් යුතුව නිවැරදි අයුරින් නොගැනීම නිසා ඇතැම් හානිකර තත්වයන් ඇති වීමේ ඉඩක් පවතින බව සඳහන් වෙනවා.
දීර්ඝ කාලයක් පුරාවට ඉතා දියුණු රටවල පවා කරන ලද පරීක්ෂණ සහ සමීක්ෂණ වලින් සොයගෙන තිබෙන්නේත් දිනකට 500mg අවම මාත්‍රාවක් මේ ලෙස කැප්සියුල් / පෙති ලෙස සිරුරට ගැනීම අහිතකර නොවන අතර සති 4 – 8 කාලයකදී හොඳ ප්‍රතිඵල ලබාගන්නටත් පුළුවන් බව වාර්තා වනවා. අපේ රටේ පවා මේ ලෙස ග්ලුටතයෝන් කැප්සියුල් ලෙස විවිධ සන්නාම යටතේ නිෂ්පාදන පවතිනවා.මේ නිෂ්පාදන OTC (Over The Counter) නිෂ්පාදන ලෙස ඕනෑම ෆාමසියකින් මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම Cream ලෙසත්, Lotion ලෙසත් ග්ලුටතයෝන් සිරුරට ගත හැකි නිෂ්පාදනත් අද අපේ වෙළඳපොලේ තියෙනවා. මෙම නිෂ්පාදන මඟිනුත් ග්ලුටතයෝන් සිරුරට ගැනීම හිතකර ක්‍රමයක් ලෙසිනුයි සලකන්නේ.
හැබැයි ග්ලුටතයෝන් අඩංගු නිෂ්පාදනයක් භාවිතා කිරීමේදී මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.
01) නිෂ්පාදනය නිපදවන ආයතනය ලංකාවේ පිහිටි ආයතනයක්ද යන බව
02) දිනකට ලබාගත යුතු අවම මාත්‍රාව (500mg දක්වා)
03) නිෂ්පාදනය ආනයනික රට සහ පැකට්ටුවේ ඇති තොරතුරු
ඉතින් ග්ලුටතයෝන් කියන්නේ නිරෝගීකම වගේම සමේ සුන්දරත්වය වැඩි කරගන්නත් ගොඩක් හොඳ බය නැතිව පාවිච්චි කරන්න පුළුවන් ස්වාභාවිකම ද්‍රව්‍යක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් සමේ පැහැපත් බව වැඩි කරගන්න ග්ලුටතයෝන් අඩංගු ප්‍රමිතිගත නිෂ්පාදනයක් පාවිච්චි කිරීම ඉතා හිතකර ක්‍රමයක් ලෙසින් නම් කරන්න පුළුවන්.



