Like
Like Love Haha Wow Sad Angry
3

සැමන් කියන්නේ අපිට නුපුරුදු කෑමක් නෙමෙයිනේ.හදිස්සියකදී ගෙදර උයාගන්න දෙයක් නැති වුණොත් ඉක්මනින් කඩේට ගිහින් සැමන් ටින් එකක් අරගෙන එන එකනේ කරන්නේ.හැබැයි අපි සාමාන්‍යයෙන් සැමන් ටින් කිව්වට එදිනෙදා වෙළදපලේදී ගන්නේ Jack Mackerel මාලුනේ.නියම Pink Salmon ගොඩක් ගනන්.ඒත් දැන් සමාජයේ පවතින මතයක් තමයි සැමන් කන එක අපේ සෞඛ්‍යට හොද මදි කියන එක.ඇත්තටම සමහරුන්ට ටින් මාලු කන්න බෑ allergy එනවා.අන්න ඒක නිසා අද hello ladies තුලින් ඔයාලට අරගෙන ආවේ ගෙදරදීම සැමන් හදාගන්න පුළුවන් රස රහසක් .

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලින්නා මාලු 500g
  • විනාකිරි මේස හැඳි 2
  • ලුණු
  • කහ
  • ගම්මිරිස් මේස හැන්දක්
  • සියඹලා ඇට 5ක්
  • තෙල්

සාදන ආකාරය

  • මුලින්ම මාළු හොදින් සෝදා සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න.
  • ඊළගට කපාගත් මාළු ( ඔළු රහිතව )ප්‍රෙශර් කුකර් එකට දාන්න.
  • දැන් විනාකිරි මේස හැඳි 2, ලුණු, කහ, ගම්මිරිස්, සියඹලා සහ තෙල් එකතු කරලා මාළු වැහෙනන ප්‍රමාණයට වඩා අඟලක් වගේ උසට වතුට දාගන්න.
  • ඊට පස්සේ සාමාන්‍ය ගින්දරේ විනාඩි 3ක් යනකම් හොදින් තම්බගන්න.
  • දැන් ළිපේ ගින්දර අඩු කරලා පැයක් විතර මදගින්නේ මාළු ටික තම්බ ගන්න ඕනේ.
  • පැයකට පස්සේ අපි එකතු කරපු සියඹලා ටික අයින් කරන්න.
  • මාළු ටික හොදටම නිවුනට පස්සේ හොදින් පියන වැහැන බඳුනකට දාගන්න.

මේ විදියට තමයි ගෙදරදීම සැමන් හදන්නේ.ඔයාට මේ සැමන් එක සති 3ක් විතර කල් තියාගන්නත් පුළුවන්.ඒ වගේම රස කාරක සහ කල් තබා ගන්න ද්‍රව්‍ය දාල නැති නිසා ගොඩක් සෞඛ්‍යාරක්ෂිතයි.ඔයත් නිවාඩුවක් ලැබුන ගමන් try කරලා බලන්නකෝ.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here