Like
Like Love Haha Wow Sad Angry
2

Positive thinking එහෙම නැත්නම් ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද? ගොඩක් අය කතා කරන මාතෘකාවක් වුනාට සමහර අය හරියටම දන්නේ නෑ මේ ගැන. ඒ නිසා අපි හිතුවා positive thinking ගැන කතා කරන්න. Positive thinking කියන්නේ ඕනෑම සිදුවීමක් දිහා සුබවාදී විදියට බලන එකට. අපේ ජීවිතේ හොද වගේම නරක දේවලුත් සිද්ද වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම සිද්ද වෙන්නේ හොදකට කියල හිතන්න පුළුවන් නම් ඔයත් positive විදියට හිතන කෙනෙක්.

සුබවාදීව සිතීමේ ප්‍රයෝජන

ශරීර සෞඛ්‍යට හොදයි

ඔයා නිතරම positive විදියට හිතනවානම් අනිවාර්යෙන්ම ඔයාට ලෙඩරෝග හැදෙන්නේ ගොඩාක් අඩුවෙන්. හදවත් රෝග, පිළිකා, ඇග පත වේදනා, වගේ ගොඩක් ලෙඩ රෝග හැදෙන එක නතර කරන්න positive විදියට හිතන එකෙන් පුළුවන්.

මානසික සෞඛ්‍යට හොදයි

ඕනෑම දෙයක් ගැන positive විදියට හිතන එක මනසට ගොඩක් හොදයි. ඒකෙන් ඔයාගේ stress එක අඩු වෙලා ඔයාට හොද මානසික නිදහසක් දැනෙනනවා.

Motivation

ඔයාගේ ජීවිතේ ගොඩක් ඉලක්ක ඇති. හැබැයි ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන කොට ඔයාට විවිධ challenge එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා ඉන්නේ negative mind එකක නම් ඔයාට කොහොමවත්ම ඔයාගේ අරමුණට යන්න බෑ. එත් ඔයාට පුළුවන් නම් positive විදියට හිතන්න ඔයාට එකෙන් හොද motivation එකක් ලැබෙනවා.

ආයුෂ දිගු වෙයි

ඔයා Positive විදිහට හිතනවා නම් ඔයා ඉන්නේ සතුටින්. ඔයාට ඉතින් ඔයාට ලෙඩ අඩුයි. එහෙම වුණාම ඔයාගේ ආයුෂ ගොඩක් වැඩි වෙනවා.එතකොට ඉතින් ඔයාට පුළුවන් සතුටින් ගොඩක් කල් ජීවත් වෙන්න.

POSITIVE සහ NEGATIVE

අපිට සමාජයේ මේ වර්ග දෙකෙන්ම මිනිස්සු මුණ ගැහෙනවා. ඔයා මොනවා හරි දෙයක් කරන්න යනකොට ඔයා ඉන්නේ negative අයත් එක්කනම් එයාලගෙන් ඔයාට ලැබෙන්නේ negative සිතිවිලි. ඔයාට පුළුවන් කියන සිතිවිල්ල තියන අය එක්ක කාලය ගත කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ අරමුණු වලට ඉක්මනින් යන්න. බැහැ සහ නැහැ කියන සිතුවිලි අයින් කරන්න. පුළුවන් කියන දේ හැම වෙලාවේම හිතන්න. ඔයාට ඒකෙන් ලොකු සතුටක් දැනේවි.

සුබවාදී වෙන්නේ කොහොමද?

ධනාත්මක චින්තනයේ පියා විදියට හදුන්වන්නේ martin Seligman. ඔහු කියන විදියට සුබවාදී වීමට ඉගෙන ගන්න එක මිනිස්සුන්ට හොද ශරීර සෞඛ්‍යක් ලැබීමට වගේම සතුටින් පිරුණු ජීවිතයක් ගත කිරීමට ගොඩක් උදව් වෙන දෙයක්. ඉතින් සුබවාදීව ඉන්න නම් ඔයා කරන්න යන දේ ගැන negative විදියට හිතන්න එපා. ” මේක හරි යයිද?” කියන ප්‍රශ්නය ගොඩක් අයට ඇති වෙන දෙයක්. එහෙම හිතෙන එක නතර කර ගන්න. එතකොට ඔයා නිකන්ම සුබවාදී කෙනෙක් වෙයි.

ඕනෑම දෙයක Negative පැත්තක් තියෙන්න පුළුවන්. ඒ ගැන හිතන්නේ නැතුව ඔයාගේ අරමුණට යන්න පුළුවන් නම් එක ඔයාට ලැබෙන ලොකු ජයග්‍රහණයක් වෙයි.

පොතක් ගන්න. ඔයාට කරන්න තියන දේවල් පිලිවෙලින් ලියන්න. ඒ දේවල් එක්ක ඔයාට එන්න පුළුවන් අසුබවාදී දේවල් ගොඩක් පෙනේවි. ඒවාට සුබවාදී උත්තර හදා ගන්න. ඒ විදියට වැඩ කරන්න. එතකොට ඔයාට පුළුවන් සුබවාදී විදියට ලෝකයට මුහුණ දෙන්න.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here