Like
Like Love Haha Wow Sad Angry
1

girl කෙනෙක් සතු වටිනාම දේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා ළඟ එක එක පිළිතුරු තියේවි. ඒත් girl කෙනෙකුගේ පෙනුම විතරක් ලස්සන වුණාට මදියි. ඒ ලස්සන තවත් සුන්දර කරන්න නම් ගෞරවනීයභාවය ගොඩක් වැදගත්. ඔයාගේ රූප සෝභාවටත් එය වටිනාකමක් එකතු කරනවා ඒ නිසා මම අද කියන්නම් ඔයාගේ පුංචි පුංචි වැරදි වලට සමුදීලා ගෞරවනීය ලෙස ඔයාගේ ගතිපැවතුම් ගොඩනගා ගන්නේ කොහොමද කියලා.

තර්ක කිරීම

ගෞරවනීය චරිතයක් තියෙන girl කෙනෙක් නම් දන්නවා සෑම මොහොතකම තමන්ගේ මතය ගැන. ඒ වගේම ඔවුන් අන් අයගේ මතයන් වලටත් ගරු කරනවා. එකම කරුණ සම්බන්ධව මත කීපයක් තියෙන්න පුළුවන්. ඒත් අන්අය සමඟ එකට එක කියමින්, තර්ක කරමින් තමාගේ මතය අනුන්ගේ ඔලුවට බලෙන් දාන්න උත්සාහ කරන්නේ නැහැ. හැමවෙලේම තමන්ගේ මතේම එල්ලීගෙන හිටියොත් නම් ජයගන්න ලැබෙන්න නැහැ. ඒ නිසා අන් අයගේ නිවැරදි මතයන්ටත් ගරු කරන්න පුරුදු වෙන්න.

ඕනවට වඩා අවංක වීම

Girl කෙනෙක් වුණාම අමුත්තෙක් ඉදිරියේ හෝ සාමාන්ය මිතුරන් ඉදිරියේ අනවශ්‍ය ලෙස විවෘත වීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි . එය ඇයගේ චරිතයට හානි ඇති කරනවා. සමහර Girls ලා තමාගේ පෞද්ගලික හා සංවේදී තොරතුරු පිට මිනිසුන් සමඟ ඕනවට වඩා බෙදා ගන්නවා. තමාගේ සිතේ ඇති හැඟීම් සියල්ලම අනුන් සමඟ බෙදා ගැනීමෙන් ඔයාගේ චරිතය ගැන ඔවුන් තුළ වැරදි මතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පෞද්ගලික තොරතුරු වලින් ඔයාටම හානියක් කරන්නත් ඉඩ තියෙනවා.

ආහාර ගැනීමේදී

ඔයා අමුත්තෙක් විදිහට තැනකට ගියාම ආහාර හෝ බීම පිළිගැන්වීම සාමාන්ය සිරිතක්. හැබැයි ඒ වගේ වෙලාවට ඔයා ඒ පිළිගැන්වීම් ප්‍රතික්ෂේප කරනවා නම් එය අගෞරව කිරීමක් ලෙස හැඟෙන්න පුළුවන්. ඔයාට පිළිගන්වන සියලුම ආහාර ආහාරයට ගන්න ඕන නැහැ. ඒත් පිළිගැන්වූ දෙයින් කුඩා ප්‍රමාණයක් හෝ ලබාගන්න.

ඒ වගේම ප්රසිද්ධ තැන්වලදී ඔයා ලබා ගන්නා ආහාර වලට කටින් පිඹ පිඹ නිවීමට යන්න එපා. ඔයාට පුළුවන් එය හැන්දක් ආධාරයෙන් නිවා ගන්න. එහෙමත් නැත්නම් එය නිවෙනකන් ඉඳලා ආහාරයට ගන්න.

ගුණාත්මක බවින් අඩු භාණ්ඩ භාවිතය

සාමාන්‍යයෙන් කඩ වල තිබෙන භාණ්ඩම ඊට වඩා අඩු මිලට පදික වේදිකාවේ විකිණීමට තිබෙනවා. Handbags, shoes සහ වෙනත් කාන්තාවන්ට අදාළ භාණ්ඩ. පෙනුම එක වගේ වුණත් පදික වේදිකාවේ තිබෙන භාණ්ඩ වල ගුණාත්මකභාවය ගොඩාක් අඩුයි. ඒ දෙකේ වෙනස සමහර අයට නම් දැක්ක ගමන් අඳුන ගන්න පුළුවන්. මේ නිසා අඩු මිලට ගුණාත්මක බැවින් අඩු භාණ්ඩ මිලදී නොගෙන, අතේ ඇති මුදලට සරිලන ලෙස ගුණාත්මක භාණ්ඩ මිලදී ගැනීම නුවණට හුරුයි.

ඒ, වගේම නිවැරදිව විලාසිතා කරන girl කෙනෙක් කවදාවත් තමාට වඩා විශාල කමිසයක්වත්, ඕනෑවට වඩා හිර වුණු කලිසමක්වත් අඳින්නේ නැහැ. ඇය ඇඟට පහසුයි කියලා බාච්චු වගේ ඇඳුම් අඳින්නෙත් නැහැ. මොකද ඒ වගේ ඇඳුම් නිසා විධිමත් බව, එහෙමත් නැත්නම් පිළිවෙල නැති වෙනවා.

තම සුන්දරත්වය රැක ගැනීමට makeup දැම්මත් ලස්සනයි, දැම්මේ නැතත් ලස්සනයි. ඒ නිසා makeup තට්ටුවක් දාගෙන, තද lipstick ගාගෙන යද්දී ඔයාගේ පෙනුමට කෘතීම පෙනුමක් එක් කරනවා. ඒ නිසා ඔයාගේ ලස්සන ඉස්මතුවෙලා පෙන්න සහ ඔයාට ගැළපෙන විදිහට පමණක් makeup එකක් දාන්න අමතක කරන්න එපා.

බෙරිහන් දී කතා කිරීම

විශේෂයෙන්ම තමාගේ කටහඬේ ශබ්දයේ තීව්‍රරතාවය ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්.මොකද girl කෙනෙක් බෙරිහන් දී කතා කිරීම, කෑ ගසා සිනා වීම, අශෝබන වදන් භාවිතා කිරීම සුදුසු නැහැ.එමඟින් ඔයාගේ ගෞරවනීයභාවයට හානි ඇති කරවනවා.

පොදු ස්ථාන වලදී, වැඩි දුර නොසිතා කරන පුංචි පුංචි අත් වැරදීම් නිසා තමයි ඔයාගේ ගෞරවනීය ස්වරූපයට හානි වෙන්නේ. girl කෙනෙක් වුණාම සෑම විටම හැසිරීමෙන් සහ කතා කරන ස්වරූපයෙන් ගෞරවනීය විය යුතුයි.ඒ නිසා ඒ වැරදි දැන්ම හදාගන්න උත්සහ කරන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here