Like
Like Love Haha Wow Sad Angry

බත් කියන්නේ ලංකාවේ අපේ ප්‍රධානම ආහාරයයි. අපි ඉතින් තුන්වේලම වගේ බත් කන්න පුරුදුවෙලා ඉන්නවා. ඒත් ඔයාට අද නම් බත් කන්න බැහැ කියලා වෙන කෑම ජාතියකට මාරු වෙන්නවා නේද? ඔව් ඉතින් එක දිගට බත් කන්නත් ටිකක් අමරුයි තමයි. සමහර දවස් වලට අද බත් ගොඩක් ඉතිරි වෙලා තිබ්බත්, අද බත් කන්න බැහැ කියලා ඉතිරි බත් ටික අපතේ දානවා අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි ඉතිරි බත් වලින් ඔයාට පුළුවන් එක එක රසයෙන් කෑම හදන්න. එහෙනම් අද අපි ගෙදර ඉතිරි වන බත් වලින් Rice Cake හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගෙන ඉතිරි වූ බත්
  • බිත්තර 3ක්
  • ඊස්ට් 4g ක්
  • Corn flour 150g
  • පාන් පිටි 150g
  • කැරට් අලයක්
  • Sausages
  • ළූණු කොළ
  • ලුණු ස්වල්පයක්

හදාගන්නේ මෙහෙමයි

  • පිසගෙන ඉතිරි වූ බත් 300g වගේ ප්‍රමාණයක් ගන්න. ඒකට මම බිත්තර 3ක් කඩලා දාලා කවලම් කරගන්න.
  • පසුව එම මිශ්‍රණය බ්ලෙන්ඩ් එකට දාන්න. එයටම ජලය 200ml එක් කර හොඳින් මිශ්ර කරන්න
  • ඒ රයිස් පේස්ට් එක බදුනකට දාගන්න. පසුව ඒකට ඊස්ට් 4g සහ සීනි මේස හැන්දක්, කෝන් පිටි 150g, සහ පාන් පිටි 150g එහෙමත් එකතු කරලා ඉතා හොදින් අනාගන්න.පාන් පිටි වල වියළි ගතිය ඉතිරි නොවෙන ගානට හොඳින් අනාගන්න.
  • දැන් එලෙස අනාගත් පේස්ට් එක පොලිතින් wrap එකකින් ආවරණය කරලා ශීතකරණයේ තබා උදේට එළියට ගන්න.
  • උදේට කැරට් අලයක් සහ සොසේජ් දෙකක් වගේ අරගෙන කුඩා කොටු හැඩයට කපාගන්න. ළූණු කොළ මිටියකුත් සිහින්ව ලියා ගන්න.
  • ශීතකරණයෙන් එළියට ගත් පිටි මිශ්රණයට කැරට්, sausage සහ ළූණු කොළ ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • ඒකට ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න.
  • දැන් එම මිශ්‍රණය වහලා තවත් විනාඩි 10ක් තියෙන්න අරින්න
  • පසුව එය bake කරගන්න

දැන් ඉතින් උණු උණුවෙම Rice Cake එකේ රස බලන්න පුළුවන්. නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම උත්සව අවස්ථා වලටත් Rice Cake කදිමයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here