hair fall කියන්නේ ලොකුම ලොකු ප්‍රශ්නයක්.ඒ වගේම මානසික වදයක්.ඔයා මේකට කොච්චර treatment කලත් වුණේ තියෙන කොන්ඩෙත් ගිය එක විතරයි නේද.ඉතින් කොන්ඩේ හැලෙන එකෙන් අපිට ලස්සන hairstyle එකක්වත් දාන්න බැහැ. වෙලාවට එකම hairstyle එක දාන්න වෙනවා.ඒක හරිම ඒකාකාරී වගේම boring.මේ hair fall ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්නම ඕනේ.මොකද උත්තර නැති ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නැහැ.මම හොයලා බැලුවා මේකට උත්තරේ මොකක්ද කියලා.දැන් මම ඒ secret එක ඔයාලට කියන්න යන්නේ.හැබැයි ඉතින් මේකෙන් කොන්ඩේ යන එක නතර වෙලා කොන්ඩේ වැවෙන්නත් පටන් ගනියි
පොල්තෙල්

පොල්තෙල් වලට පුළුවන් හිසකෙස් වල තියෙන ප්‍රෝටීන් අඩුවෙන එක නැති කරන්න.ඔයාට කරන්න තියෙන්නේ පොල්තෙල් මේස හැඳි 02ක් අරගෙන කොණ්ඩෙට දාලා හොඳට හිස්කබල සම්බාහනය කරන්න.ඊටපස්සේ පැයක් විතර ඉදලා shampoo වලින් හිසකෙස් සෝදන්න.මේක හැමදාම කරන්න යන්න එපා.සතියකට දෙපාරක් විතරක් කරන්න
යෝගට්

යෝගට් වල තියෙන Probiotic වලින් හිසකෙස් ශක්තිමත් කර වර්ධනය කරන්න පුළුවන්.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දවසකට එක පාරක් යෝගට් හිසකෙස් වල ආලෙප කරන එක විතරයි
Onion Juice

Onion Juice වල තියෙන phytochemical සංයෝගය නිසා හිසකෙස් නැවත වර්ධනය කරන්න උපකාර කරනවා.ළුණූ ගෙඩියක යුෂ අරගෙන හිස්කබලේ ගල්වන්න.ඊටපස්සේ පැයකින් shampoo වලින් හිසකෙස් සෝදන්න. මේ treatment එක සතියට දවස් දෙකක් විතර කරන්න
Olive Oil

හිසකෙස් ගැලවී යාම නැති කරලා ඉක්මනින් හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාවක් Olive Oil වලට තියෙනවා.Olive Oil තේ හැඳි දෙකක් අරගෙන ටිකක් රත් කරලා නිවුනට පස්සේ හිස්කබලේ ගාලා massage කරන්න.ඊටපස්සේ හිසකෙස් සොදාන්න.සතියකට දවස දෙකක් විතර මේ treatment එක කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
මේ Treatment කරනවත් එක්කම ඔයාට හොඳ oil එකක් use කරන්න පුළුවන්.ඒකට oil එකක් ගන්න කලින් අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ.
ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්,නෙල්ලි,ටී ත්‍රී තෙල්,අලිගැටපේර ඔයිල් සහ පොල් තෙල් කියන මේ දේවල් ඔක්කොම mix වෙලා තියෙන product එකක් ගන්න ගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ.මේවා අන්තර්ගත වෙලා තියෙන product ඕනේ තරම් shops වල තියෙනවා.ඒ වුණාට ගුණාත්මක බවින් සහ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ.හිසකෙස් වර්ධනය කිරීම වගේම තවත් ගොඩක් benefits තියන නිසා ඒ වගේ product එකක් ගන්න.
ඉතින් ඔයාට තිබුන hair fall ප්‍රශ්නේ මේ විදිහට විසඳගන්න පුළුවන්.මම කිව්වා කිසිම දෙයක් හොයාගන්න අමාරු නැති නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාට හිතන්න දෙයක් නැහැ.මොකද ප්‍රශ්නේ විසඳුනානේ



