අපේ රටේ ගොඩක් මිනිස්සු කාන්තාවකගේ පිරිසිඳු බව මනින්නේ කන්‍යා පටලයෙන් .විවාහයට පසු ඔවුන්ට සුදු රෙදි කඩක් ලබා දී ලේ බිංදුව සොයයි.ලෝකය කෙතරම් දියුණු උනත් මිනිසුන්ගේ මානසිකත්වය දියුණු වෙලා නැහැ.ඒ නිසා මේ කන්‍යා පටලය කියන්නේ මොකක්ද කියල අවධානය ලබා දෙන්න තීරණය කළා.
– වෛද්‍ය විද්‍යාවට අනුව කන්‍යා පටලය කියන්නේ කිසිම වැඩක් නැති දෙයක්.
– එයින් සිදු වන්නේ මවගේ කුස තුල ඇති තරලය යෝනි මාර්ගය තුළට කාන්දු වීම වැලැක්වීමටයි.
– බොහෝ විට පටලය ස්වභාවයෙන්ම වියැකී යනවා
– විවාහ වන බොහෝ යුවතියන් අතරින් සුළු ප්‍රමාණයකට පමණයි මෙම පටලය සහිතව සිටින්නේ
– කන්‍යා පටලය යනු පෙනේරයක් වැනි දෙයකි
– අසාමාන්‍ය ලෙස ඝනව පිහිටලා තියන කන්‍යා පටල සැත්කම් මඟින් ඉවත් කරනවා
– ඒ විතරක් නෙමෙයි ක්‍රීඩා කරන සහ බයිසිකල් පදින කාන්තාවන්ගේ කන්‍යා පටලය බොහෝ විට නොමැති විය හැක
– කන්‍යා පටලය කියන්නේ කාන්තාවකගේ පාරිශුද්ධත්වය පෙන්වන දෙයක් නොවේ



