Like
Like Love Haha Wow Sad Angry

කොහොඹ.එහෙම නැත්නම් neem කියන නම ඇහුනත් අපිට දැනෙන්නේ Cool Feeling එකක්නේ.ඉතින් කොහොඹ කියන්නේ සිසිල දෙනවා වගේම ගොඩක් හොඳ ඖෂධයක්.ඉතින් මේ Neem ගැන කතා කරන්න නම් දේවල් ඕනේ තරම් තියෙනවා. Health එකට Beauty එකට හැමදෙයකටම Neem වැදගත් වෙන නිසා මට හිතුනා ඔයත් එක්ක Neem ගැන කතා කරන්න ඕනේ කියලා.

කොහොඹ වලින්

  • ලාඳුරු
  • අක්ෂි රෝග
  • උදර ආබාධ සහ ආහාර අරුචිය
  • උණ සහ දියවැඩියාව
  • අක්මා ආබාධ
  • දරු උපත් පාලනය සහ ගබ්සා කිරීමට
  • සමේ රෝග
  • සෙම් රෝග පාලනය
  • අඩු ශුක්‍රානු මට්ටම වැඩි කර ගැනීමට
  • මුත්‍රා ආබාධ සහ දිලීර ආසාධන සඳහා භාවිතා කරනවා

පැහැපත් වෙන්න කොහොඹ

කොහොඹ වලින් Fair skin එකක් ගන්න එක නම් හරිම ලේසි වැඩක්.ඔයාට කරන්න තියෙන්නේ කොහොඹ කොළ ටිකක් අරගෙන Paste එකක් විදිහට හදාගන්න.ඊට පස්සේ Paste එකට කහ මේස හැන්දක් ,මී පැණි බින්දු දෙක තුනක් දාලා Mix කරගන්න.mix කරගත්ත Paste මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් විතර තියන්න.Paste එක මුහුණේ ගාලා Massage කරන්නත් අමතක කරන එපා

ලප කැළැල් ඉවත් කරන කොහොඹ

කළු ලප කියන්නේ ගොඩක් වෙලාවට Pimple නිසා ඇති වෙන දෙයක්.ඉතින් මේ ලප කැළැල් පෙනුමට හානියක්.ඉතින් ඒකට හොඳම විසඳුමක් මම අද ඔයාට කියල දෙන්නම්.

කොහොඹ තෙල් බින්දු 03ක් වතුර බින්දු 02 – 03කට Mix කරලා ලප කැළැල් තියෙන තැන් වලා ආලේප කරන්න.විනාඩි 20කින් විතර සොදාන්න.මේ Treatment එක ඔයාට හැමදාම කරන්න පුළුවන් නම් ඉක්මනටම හොඳ Result එකකුත් ගන්න පුළුවන්

ආසාදන සුව කරන කොහොඹ

ආසාදන විතරක් නෙමෙයි දද ,කුෂ්ඨ වගේ ගොඩක් දේවල් කොහොඹ වලින් සුව කරගන්න පුළුවන්.අපි යමුද අපේ පොඩි කාලෙට.මතකද ඔයාගේ කකුලේ පුංචි පුංචි තුවාල හැදිලා තිබුනහම අම්මා කරපු දේ.කොහොඹ කොළ තම්බපු වතුර වලින් කකුල් සේදුවා.එහෙම කලේ තුවාල සනීප වෙන්නම විතරක් නෙමෙයි.විෂබීජ නැති කරන්නත් එක්කමයි ඉතින් දැන් කියලා වෙනසක් නැහැ.ඔයාට ආසාදන තත්වයක් තියෙනවා නම් ඔයා කරන්න ඕනේ කොහොඹ කොළ තම්බපු වතුරෙන් ආසාදනය වෙලා තියෙන තැන සෝදන එක.හැබැයි එක දවසක් නෙමෙයි.සතියක් විතර යනකන් කරන්න වෙනවා.එතකොට තමයි ආසාදනය සුව වෙන්නේ

කොණ්ඩෙට කොහොඹ

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිසකෙස් වැටීම කියන ප්‍රශ්නේ.ඉතින් හිසකෙස් වැටීම නැති කරලා හිසකෙස් ශක්තිමත් කරන්න කොහොඹ වලට පුළුවන්.අපි බලමුද ඒක කොහොමද කරන්නේ කියලා.

කොහොඹ තෙල් ටිකක් අරගෙන හිස්කබලේ වදින විදිහට ගාලා Massage කරන්න.ඊට පස්සේ සෝදාන්න.මේක නම් සතියට දවස් 03ක් විතර කරනවා නම් තමයි ගොඩක් හොඳ.

වයසට යාම නැති කරන කොහොඹ

දැන් තියෙන busy life එකත් එක්ක අපිට ගොඩක් ප්‍රශ්න එනවා.ඒ වගේම Tension එකත් පස්සෙන්ම එනවනේ.ඒ හැමදේමත් එක්ක අපිට ලස්සන වෙන්න Time එකක් හොයා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි.මොකද Office එකේ වැඩ කරන ගමන් Face pack දාගෙන වැඩ කරන්න බැහැනේ.හරි දැන් ඒ කතාව වැඩක් නැහැ.අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Wrinkles .ඒ කියන්නේ සම රැළි වැටීම.දැන් අපිව ගත්තත් අපේ මුහුණේ තියෙන්නේ ටිකක් වයස පෙනුමක්.හැබැයි ඇත්තටම එහෙම නැහැ.මේකට හේතුව තමයි අපිට අපි ගැන හිතන්න Time එකක් නැති එක.ඉතින් මම මේ Wrinkle ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගත්තා

මේ Face Pack එක හදා ගන්න නම් කොහොඹ කොළ Paste එකක් හදාගන්න ඕනේ.ඊට පස්සේ ඒකට බිත්තර කහ මද 2 – 3ක් සහ වතුර බින්දු කිහිපයක් එකතු කරලා Mix කරගන්න.මේ Paste එක මුහුණේ ආලේප කරලා විනාඩි 15කින් සීතල වතුරෙන් සෝදන්න

ඒ වගේම ඔයාට පුළුවන් Wrinkles වලට තියෙන හොඳ Cream එකක් Use කරන්න.හැබැයි කොහොඹ විතරක් නෙමෙයි Wrinkles නැති කරන තවත් දේවල් තියෙනවනේ.කොහොඹ ,සැවැන්දරා ,වැල්මී ,තුල්සි ,කහ ,කළුදුරු ,සෝයා ප්‍රෝටීන් සහ දාරුහරිද්‍ර කියන දේවල් තියෙන Cream එකක් ගන්න.සම Wrinkles විතරක් නෙමෙයි ලප කැළැල් නැති කරන්නත් මේ දේවල් වලට පුළුවන්.

ඉතින් ඔයාට පුළුවන් කොහොඹ වලින් මම කියපු Result ලබා ගන්න.මොකද අපි හැමෝටම ඕනේ ලස්සන වෙන්නනේ.ලස්සන වෙන අපේ එකම රහස කොහොඹ කර ගන්නත් අපිට බැරි කමක් නැහැ.මොකද කොහොඹ වලින් හිතා ගන්නවත් බැරි තරම් දේවල් කරනවනේ.ඔයත් Try කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here