11
අපි හැමෝම කැමතිනේ ලස්සන hair style එකක් දාගෙන කොන්ඩේ පිළිවෙලට ලස්සනට තියා ගන්න.ඉතින් එහෙම ලස්සනට තියාගන්න නම් අපි අනිවාර්යයෙන් ලස්සන සහ ගැලපෙන Hair style එකක් select කර ගන්න ඕනේ.ඉතින් මම හිතුවා ඔයාට ලස්සන Hair Style එකක් දාගන්න විදිහ ගැන කියලා දෙන්න.
Butterfly Hairstyle

- ඔයා මුලින්ම කොණ්ඩය පැත්තෙන් බෙදලා පීරා ගන්න.
- ඊළඟට වැඩි ප්රමාණයක් කොණ්ඩය සහිත පැත්තෙන් කොණ්ඩය කොටස් තුනකට බෙදා ගන්න.
- ඒ කොටස් තුනෙන් කොටස් දෙකක් දෙවතාවක් එක මත එක යවා අඹරා ගන්න.
- දෙවතාවකට පසු එම කොටස සමඟ තුන් වන කොටසත් එක් වරක් අඹරා ගන්න.
- අයෙමත් කලින් වගේම මුල් කොටස් දෙක දෙවතාවක් එක මත එක යවා අඹරා ගන්න.
- ඊළඟට තුන්වන කොටස සම්බන්ධ කර කරගෙන අවසානයට යනකන්ම කොණ්ඩය ගොතාගන්න.
- දැන් 04වන රූපයෙ තියෙන විදිහට තුන්වන කොටස ටිකක් ඉස්සරහට අරගෙන ලස්සන කරගන්න.
- අන්තිමට කොණ්ඩෙට Bull Band එකක් දාලා තද කරගෙන , හිසේ පසුපසට තියලා hair grips එකක් ගහගන්න.
Karina Hairstyle

- කොණ්ඩය පැත්තෙන් බෙදලා පීර ගන්න.
- ඊළඟට එක් පැත්තකින් කොණ්ඩා කොටසක් ගෙන දෙකකට බෙදා ගන්න
- එක කොටසකට වැඩිපුර සහ අනෙක් කොටසට අඩුවෙන් කොණ්ඩය විදිහට තමයි බෙදා ගන්න ඕනේ.
- ඊළඟට ප්රධාන කොටස වටේට අනෙක් කොටස යවා කොණ්ඩය තදින් ගැටයක් ගසා ගන්න
- දැන් කොණ්ඩෙට දා ගත්ත ගැටය ලිහෙන්නේ නැති වෙන්න Hair Grip එකක් ගහගන්න
- ඉතිරි කොණ්ඩා කොටසට තවත් කොටසක් එකතු කරලා නැවත වතාවක් ගැටයක් ගසා ගෙන අයෙමත් Hair Grip එකක් ගහගන්න
- අන්තිමට Bull Band එකක් දාලා හිසට තියලා Hair Grips ගහගන්න.
හැමදාම පුරුද්දට වගේ අපි දාන්නෙම එකම hair style එකනේ,ඉතින් එයා meet වෙන්න යනකොට ,class යනකොට ඕනෙම තැනකට ඔයාට පහසුවෙන් මේ වගේ hair style එකක් ගෙන යන්න පුළුවන්.try කරලා බලන්න.ඔයාට ලස්සනට තියෙයි කියලා මට නම් sure
11



