Like
Like Love Haha Wow Sad Angry

සමාජ රෝග කියන්නේ කාලයකට ඇති වෙන කාලයකට නැති වෙන රෝගයන් නෙමෙයි.මේවා දිනෙන් දින ව්‍යාප්ත වෙන සහ සමහර විට මරණය පවා ලඟා කිරීමට හැකියාව ඇති තත්වයන් වෙනවා.ඔබ සමාජයේ ජිවත් වන විට සමාජ රෝගයන් පිළිබඳව සුළු හෝ අවධානයකින් සිටීම වැදගත් වෙනවා.

– සමාජ රෝගයන් බොහෝ ප්‍රමාණයක් පවතිනවා 

– ඒ අතර හර්පිස්,හෙපටයිටිස් ,එච්.අයි.වී,ක්ලැමීඩියා,ගොනෝරියා වැනි රෝග සමාජ රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නවා 

– දිනපතා ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් මේ සමාජ රෝගයන් වලට ගොඳුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා 

– දැනට ලොව පුරා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් වලට මිලියන 376 පමණ ගොඳුරු වෙනවා 

– ලෝකයේ ජිවත් වන සෑම 25 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ රෝගයන් වැළඳී ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා 

– ඒ විතරක් නෙමෙයි මේ රෝගයන් වැළඳුනු විට වෙනත් රෝගයන් පහසුවෙන් ඇති වීමේ හැකියාව පවතිනවා

– මේ රෝගයන්ට ගර්භනී මව්වරුන් ගොඳුරු වූ විට අඩු මාසයෙන් බබා ඉපදීම ,අඩු බර සහිත දරුවන් ඇති වීම ,නියුමෝනියා තත්ත්ව ,අන්ධ භාවය ආධිය ඇති වීමට මඟ පාදනවා

– ඒ වගේම ආරක්‍ෂිත ලිංගික සම්බදතා සඳහා යොමු වීම සහ විවාහයට පෙර ඒ සම්බන්දව ඇති පරික්ෂණයන් මඟින් තහවුරු කර ගැනීමෙන් තත්වය මඟ හරවා ගැනීමට හැකියාව  පවතිනවා 

– ඒ වගේම මෙහි ඇති භයානක තත්වය වන්නේ මේ සඳහා ඖෂධ නොමැති වීමයි 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here